ජාතික ඩෙංගු මර්දන සතියෙහි සමාරම්භක උළෙල - 2018 අප්‍රේල් මස 03 සිට 09 දක්වා

කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුල මදුරු මර්දන සතියේ සමාරම්භක උත්සවය අභිනවයෙන් පත් වූ නගරාධිපතිනිය වූ ගරු රෝසි සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 03 වන දින උත්සවාකාරයෙන් කොළඹ මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්වින.

කොළඹ මහා නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව,සෞඛ්‍ය අමාත්‍යංශය,ජනාධිපති කාර්ය සාධක බලකාය හා පරිසර පොලිසිය ඒකාබද්ධව ඉදිරි මෝසම් කාලගුණ තත්වය යටතේ ඩෙංගු පැතිරීම වැලැක්වීම සදහා මදුරු මර්දන වැඩසටහනක් 2018 ක් වූ අප්‍රේල් මස 03 දා සිට අප්‍රේල් 09 වන දින දක්වා දියත් කොට ඇත.

කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ ඩෙංගු මර්දන වැඩසටහන ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයත්, ත්‍රිවිධ හමුදාවත්, පරිසර පොලිසියත්, ඇතුලත්ව 500 දෙනෙකුගෙන් සැදුම්ලත් 100 යක කණ්ඩායමක් ක්ෂේත්‍ර පරීක්ෂාවන් සදහා අනුයුක්ත කර ඇත.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වනුයේ කොළඹ නගරයේ “ඩෙංගු අවධානම් කලාප” ආවරණය කිරීම වන අතර පරික්ෂාවට ලක් කිරීමට ඉලක්කගත පරිශ්‍ර සංඛ්‍යාව 30,000 ක් පමණ වේ.

වෛද්‍ය. ආර්.එල්.ද එස්. විජයමුණි,

ප්‍ර.සෞ.වෛ.නිලධාරී,

ජන සෞඛ්‍ය දෙපාර්තමෙන්තුව,

කොළඹ මහා නගර සභාව